නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

විද්‍යා දදාති විනයං
(අධ්‍යාපනයෙන් විනය සදාලයි)
ආ/කපුගොල්ලෑව මහා විද්‍යලය මා කුඩා කල ශිල්ප ලැබූ අපේ ගමේ පාසලයි.අදි මුතුන් මිත්තන්ට සේම පාසල අද දක්වා අනෙක විධ අපහසුතා මැද පවත්වාගෙන ආ ගුරු දෙගුරුන් පුණ්‍යානුමෝදනා පූර්වකව සිහි කරමි.පුරාණ පන්සල් ඉඩමක කටු මැටියෙන් ඉදි වු මෙම පාසලේ පිදුරු හෝ පොල් අතුසෙවිලි කොට තිබූ බව කියවේ. ලොකු ඉස්කෝලේ මහත්තයා හෙවත් මුල් ගැරුතුමාගෙන් හා සිසුන් දසදෙනෙකුගෙන් ආරම්භ කර ඇති මෙම පාසලට දැනට සියවසක් ගත වී ඇත.අද වන විට සිසු දරු දැරියන් 350ට ආසන්න සංඛ්‍යවක් මෙන්ම ගුරු භවතුන් 25ක් පමණ ඉගෙන්වීම් කටයුතුවල නිරතව සිටිති.
නව ලෝකය සමග තොරතුරු හුවමරු කර ගැනීම සදහා වෙබ් පිටුවකින් අප පාසල ද සම්බන්ධ වීම සතුටට කරුණක් බව පවසමි.
නියෝජ්‍ය විදුහල්පති
පූජ්‍ය කපුගොල්ලෑවේ රතනසිරි හිමි.